• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා යෝජිත ඉඩම මිල දී ගැනීම සහ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම
- ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් අත්පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත වෙන් කරනු ලැබ ඇත. එහෙත් වර්තමාන වටිනාකම අනුව එකී ඉඩම අත්පත් කරගැනීම සඳහා රුපියල් මිලියන 92ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, එකී ඉඩම පවරා ගැනීම සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 92 දක්වා වැඩි කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.