• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලබේ, තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටසක් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය වෙත වෙන් කර දීම
- මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා මාලබේ ප්‍රදේශයේ පිහිටි අක්කර 04ක පමණ ඉඩමක් සහනදායී ගෙවීම් පදනම මත ලබා දෙන ලෙස සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් කර ඇති ඉල්ලීමක් පරිදි මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ප්‍රමාණයෙන් අක්කර 02 රූඩ් 2 පර්චස් 0.70ක් වූ ඉඩම් කොටසක් ඒ සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා එකී ඉඩම් කොටස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය වෙත අවුරුදු 30ක කාලයකට බදු පදනමින් බැහැර කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.