• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම විසුරුවා හැරීම
- කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ මූල්‍ය නගරය ස්ථාපිත කිරීමේ සහ එහි කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින්, 2016 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම පිහිටුවා තිබේ. මෙම සමාගම වර්තමානයේ සිදු කරන කටයුතුවල විෂය පථය සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයෙහි විශේෂ ප්‍රාගුණ්‍යයක් දක්වන විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එකී සමාගම තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බව එම කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අනුව, 2007 අංක 07 දරන සමාගම් පනතේ 319(ආ) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් එම සමාගම විසුරුවා හැරීම සඳහා යෝග්‍ය පියවර ගැනීමටත්, ඊට අදාළ අනෙකුත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පැවරීමටත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.