• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ (MRIA) තුළ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම සඳහා අක්කර 200 ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම
- ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී තිබේ. ඒ අනුව ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික වැදගත්කමකින් යුත් ගුවන් තොටුපොළක් ලෙස හඳුනාගෙන ඇති මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට ආරක්ෂාව ලබා දීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සමානව ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කර දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.