• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සහ සේවා දෙපාර්තමේන්තුව සඳහා යෝජිත බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සහ සේවා දෙපාර්තමේන්තුව සඳහා යෝජිත බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි නුගේගොඩ, කොහුවල, පිහිටි සීමාසහිත ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,183.86ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.