• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 384.41ක මුදලකට සහ ඊට අදාළ එකතු කළ අගය මත වූ බද්ද සහිත මුදලකට අනුරාධපුර, සිරිදන්ත කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස් සහ ඩැරින්ටන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.