• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔබේසේකරපුර (අරු‍‍ණෝදය මාවත, රාජගිරිය) නිවාස ඒකක 300 ක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම
- කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය පහසුකම් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඔබේසේකරපුර නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 550 ක් බැගින් වූ නිවාස 300 කින් සමන්විත වනු ඇත. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සැලසුම් කර ඉදිකිරීමේ පදනම මත රුපියල් මිලියන 1,723.35 ක මුදලකට M/s Subasinghe Contractors (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.