• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ටේඩියම්ගම නිවාස ඒකක 1,000ක් සැලසුම් කිරීම හා ඉදිකිරීම
- 2010 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි, කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සඳහා පහසුකම් සැලසීම පිණිස "කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය" ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් මූල්‍යයනය කෙරෙන අතර ඒ යටතේ ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එක් නිවසක වර්ග ප්‍රමාණය වර්ග අඩි 550ක් බැගින් වූ නිවාස 1,000ක් ඉදි කිරීමට නියමිතව ඇත. එම නිවාස 1,000 සැලසුම් කර ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 5,950.95ක මුදලකට M/s Access Engineering PLC වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.