• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය අර්ධද්වීපයේ ජලාශ 02 ක ඉවුරු සංරක්ෂණය හා රොන් මඩ ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා වැඩ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- යාපනය නාගරික කලාපයෙහි තෝරාගත් නාගරික සේවාවන් හා පොදු නාගරික ස්ථාන වැඩි දියුණු කිරීම වෙනුවෙන් උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක අතිරේක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසින් ලබා දී ඇත. මෙම ණය මුදලින් කොටසක් යාපනයේ පිල්ලියර් කෝවිල් කුලම් හා තේවාර් කුලම් ජලාශ 02 හි ඉවුරු සංරක්ෂණය හා රොන් මඩ ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා වූ ගෙවීම්වලට යෙදවීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ඉහත සඳහන් ව්‍යාපෘතිය යටතේ මෙම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 113.04ක (වැට් රහිත) මුදලකට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පිරිනැමීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.