• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම
- 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත මඟින් පොහොර ආනයනය, නිෂ්පාදනය, සකස් කිරීම හා බෙදා හැරීම විධිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා ඇත. එම පනත මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් වී නොමැති අතර, වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි එකී පනත යාවත්කාලීන කිරීමට දැනටමත් කටයුතු සම්පාදනය කර ඇතත්, විධිමත් ජාතික පොහොර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ දක්වා නොමැති වීම එකී ක්ෂේත්‍රයේ ප්‍රගමනයට විශාල බාධාවක්ව පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ජාතික පොහොර ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුව විසින් සකස් කරනු ලබන කෙටුම්පත සම්බන්ධයෙන් අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ හා මහජනතාවගේ අදහස් ලබාගෙන අවසන් කෙටුම්පත පිළියෙල කිරීම සඳහාත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.