• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන පාලක මැදිරි සංකීර්ණය නව තාක්ෂණයට අනුව වැඩි දියුණු කිරීම හා නව ස්ථානයක ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස 1979 ජුනි මස 05 වන දින ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කර ඇති අතර වසර 40ක් පුරාවටම එහි ප්‍රධාන පාලක මැදිරිය ආරම්භක ගොඩනැඟිල්ල තුළම පවත්වාගෙන යනු ලැබේ. මේ වන විට ප්‍රධාන පාලක මැදිරි සංකීර්ණය සඳහා අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැඟිල්ලක් තනා අවසන් කොට ඇත. ඒ අනුව, එම මැදිරි සංකීර්ණය නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය උපකරණවලින් සමන්විතව නව ගොඩනැඟිල්ලේ ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය යෝග්‍ය පියවර ගැනීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.