• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය සඳහා වෙන් කිරීම
- නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කරයකට නොවැඩි ඉඩම් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත අක්කර දෙකකට නොවැඩි ඉඩම් බදු දීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දීමේ බලය එම අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2013 පෙබරවාරි මස 07 දින තීරණය කර ඇත. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 18(1) වගන්තිය යටතේ විෂය භාර ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව 2016 සිට 2019 දක්වා කාලසීමාව තුළ බැහැර කරනු ලැබ ඇති ඉඩම් කොටස් 23කට අදාළ ප්‍රගතිය පිළිබඳව නාගරික, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.