• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෘහස්ථ පානීය ජල සම්බන්ධතා 150,000ක් ලබා දීම
- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 41%ක් ආවරණය කරමින් මිලියන 2.4ක ජල සබඳතා මේ වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ලබා දී ඇති අතර සාමාන්‍යයෙන් ගෘහස්ථ පානීය ජල සබඳතා 110,000ක් වාර්ෂිකව ලබා දෙනු ලැබේ. කෙසේ වුවද, දැනට පවතින නල පද්ධතිය මඟින් ආවරණය කර නොමැති මාර්ග/ප්‍රදේශ ආවරණය වන පරිදි ජල නළ දීර්ඝ කළ යුතු වීම, නව ජල සබඳතා ලබාගැනීම පිණිස පාරිභෝගිකයන්ට රුපියල් 20,000/-ක පමණ මූලික ගෙවීමක් කිරීමට සිදු වීම සහ මාර්ග පුනරුත්ථාපනය කිරීම පිණිස ගාස්තු ගෙවීමට සිදු වීම වැනි හේතූන් මත අතිරේක ධාරිතාවක් පැවතිය ද එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ගෘහස්ථ පානීය ජල සබඳතා ලබා දීමට අපහසු වී ඇත.
එකී අවහිරතා ඉවත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගනිමින් 2020 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළදී අලුතින් ගෘහස්ථ ජල සබඳතා 150,000ක් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් දියත් කිරීම පිණිස නාගරික, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.