• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 175 වන සංවත්සරය සැමරීම
- වර්ෂ 1845 දී එවකට පැවති මහා බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය විසින් ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය විසින් එම වකවානුව තුළ මෙරට සංවර්ධන හා ආයෝජන ශක්‍යතාව හඳුනාගැනීම, රාජ්‍ය පාලන ව්‍යුහය සකස් කිරීම සහ ග්‍රාමීය ජනතාවගේ ඓතිහාසික හා සංස්කෘතික පසුබිම පිළිබඳව ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු සිදු කර එම තොරතුරු විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මඟින් යටත් විජිත සමයේදී රජයේ කටයුතු සඳහා සහාය වී ඇත. ඒ අනුව එම සංගමය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුළ කීර්තිමත් ආයතනයක් වශයෙන් කටයුතු කර ඇති අතර ආණ්ඩුකාරවරයා නිල බලයෙන් එම සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කර ඇත. එසේම ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, එච්.සී.පී. බෙල්, පෝල් ඊ. පීරිස්, පී.ඊ.පී. දැරණියගල, සෙනරත් පරණවිතාන, ජී.සී. මෙන්ඩිස්, සී.ඊ. ගොඩකුඹුර, ජී.පී. මලලසේකර වැනි එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්වතුන් රැසක් එම සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයන් ලෙස කටයුතු කර තිබේ.
එම සංගමයේ 175 වැනි සංවත්සරය මෙම වර්ෂයේ පෙබරවාරි මස 07 වන දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. රටේ ප්‍රගමනය වෙනුවෙන් එම සංගමය විසින් සිදු කරනු ලැබ ඇති සුවිශේෂී මෙහෙවර සහ කාර්යභාරය අගැයීමට ලක් කිරීම පිණිස එම වැඩසටහනට වැය වන පිරිවැය ආවරණය කරගැනීම සඳහා රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන වෙන් කර දීම පිණිස බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.