• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා ස්ථිර ආයතනමය රාමුවක් පිහිටුවීම
- අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් (Intangible Cultural Heritage) ඉදිරි පරපුර වෙනුවෙන් ආරක්ෂා කර තැබීමේ අරමුණින් 2003 වසරේදී "අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරක්ෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය" ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාව 2008 වර්ෂයේදී එම සම්මුතියට එකඟතාව පළ කර ඇත. විශේෂයෙන්ම සමාජ සිරිත්විරිත්, සංදර්ශන, ප්‍රකාශනයන්, දැනුම, කුසලතා, සංස්කෘතික අවකාශයන් සහ ඒ හා බැඳි භාණ්ඩ හා මෙවලම් ආදිය අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් වශයෙන් පවතින අතර බටහිරකරණය, ගෝලීයකරණය, වාණිජකරණය සහ වෙනස්වීම් නිසා ඇති වන අභියෝග හමුවේ මෙම අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමටත්, ඒවා ප්‍රවර්ධනය කිරීමටත්, ඒ සඳහා යෝග්‍ය ප්‍රවේශයක් සකස් කිරීමටත් ඉහත සඳහන් අන්තර්ජාතික සම්මුතියේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව බැඳී සිටී.
එම කාර්යභාරය සඳහා දැනට වෙන් වූ නිශ්චිත ආයතනයක් නොමැති වීම හේතුවෙන් ඉහත සම්මුතියේ විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇති බැවින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳව කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.