• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව කොරොනා වෛරසය (COVID - 19) ව්‍යාප්තිය තුළ යුරෝපය, මැදපෙරදිග සහ නැඟෙනහිර ආසියා කලාපයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභ සාධනය සැලසීම පිණිස ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග
-මේ වන විට පුද්ගලයින් 2,700කට වැඩි ප්‍රමාණයකට ජීවිත අහිමි කරමින් හා පුද්ගලයින් 80,000කට වැඩි ප්‍රමාණයක් ආසාදනයට ලක් කරමින් නව කොරොනා වසංගතය රටවල් 44ක් පුරා ව්‍යාප්ත වී ඇත. එම රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුහට එම වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී නොමැති බවත්, එම රටවල්වල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඔවුන්ගේ ආරක්ෂාව හා සුභසාධනය පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙනුත් වැඩබලන විදේශ සබඳතා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී. එමෙන්ම ඉදිරියට උද්ගත විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් නොපමාව අවශ්‍ය පියවර ගැනීමට හැකි වන පරිදි විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් එම කටයුතු පිළිබඳව සමීප අධීක්ෂණයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවට ද අමාත්‍යතුමා වැඩිදුරටත් ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.