• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මකව පවතින ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ RAMIS 2.0 - B කොට‍සේ මෘදුකාංගය වෙනස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- බදු පරිපාලන ක්‍රියාවලියේ මූලික කාර්යයන් ඉටු කිරීමට 2016 වර්ෂයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් RAMIS වැඩසටහන භාවිත කරන අතර එමගින් රාජ්‍ය බැංකු සහ වෙනත් ආයතනවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග අන්තර්ජාල සේවා හරහා සම්බන්ධ වීමේ සහ අතුරු මුහුණත් සැපයීමේ ඉඩ ප්‍රස්ථාව සලසයි. නව දේශීය ආදායම් පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන RAMIS 2.0 - B ලෙස සංස්කරණය කළ RAMIS 2.0 මෘදුකාංගයේ ඉතිරි කොටස වෙනස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, සිංගප්පූරු ඩොලර් 15,534,364ක පිරිවැයකට Singapore Cooperation Enterprise (SCE) ආයතනය වෙත ප්‍රදානය කිරීමට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.