• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලොකු ළූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවීම මගින් ලොකු ළූණු ගොවියන්ගේ ආදායම ඉහළ නැංවීම
- 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලොකු ළූණු වැනි භෝග නිෂ්පාදනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, එම භෝග ආනයනය සඳහා වැය වන අධික විදේශ විනිමය භෝග වගා කරන ගොවීන්ගේ ආදායමක් බවට පත් කිරීමටත් යෝජනා කර ඇත.
ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම පිණිස ලොකු ළූණුවල රජයේ සහතික මිල ඉහළ නැංවීම සිදු කළ යුතු බවට සහ එම වගාව සඳහා ඉඩම් උපරිම ඵලදායීතාවකින් යුතුව යොදා ගැනීම පිණිස සුදුසු වැඩපිළවෙළක් සැකසීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ලොකු ළූණු කිලෝවක් සඳහා දැනට ලබා දෙන රුපියල් 60/- ක් වූ අවම සහතික මිල රුපියල් 80/- දක්වා ඉහළ නැංවීමටත්, ලොකු ළූණු වගාවන්හි ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩ සටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.