• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020-04-01 සිට 2020-11-30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2020-04-01 සිට 2020-11-30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s Petrochina International Pte. Ltd., Singapore වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.