• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම
- දැනට පවතින මහනුවර - පේරාදෙණිය දුම්රිය මාර්ගයට සමගාමීව ඉදිකෙරෙන ද්විත්ව දුම්රිය මාර්ගය ආසන්න වශයෙන් කිලෝමීටර 6.0ක දිගින් යුක්ත වන අතර, මේ වන විට මහනුවර සිට ගැටඹේ දුම්රිය හරස් මාර්ගය දක්වා ඉදි කෙරෙමින් පවතී. ගමන් කාලය තවදුරටත් අඩු කිරීමේ අරමුණින් ගැටඹේ දුම්රිය හරස් මාර්ගය සහ සරසවි උයන අතර දැනට පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත අතිරේක මාර්ගයක් ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන යොදා ගනිමින් ඉදිකිරීම සඳහාත් සැතපුම් 00 දම්වැල් 37 ස්ථානයේ මහවැලි ගඟ හරහා පාලමක් ඉදි කිරීම සඳහාත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.