• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම
- පසුගිය සමයේ පැවති යුදමය ගැටුම් හේතුවෙන් නවතා දැමූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇති නමුත් මේ දක්වා එම ක්‍රියාවලිය සාර්ථක වී නොමැත. එකී ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනය සහ විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන ආයෝජකයෙක් අතර ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.