• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කසළ ප්‍රවාහනය සඳහා බක්කිය සහිත 'කුරුම්බැට්ටියා' බහුකාර්ය පාපැදි ලබාගැනීම
- ජන ගණත්වය ඉහළ යාම සහ වර්තමාන පරිභෝජන රටාව හේතුවෙන් පරිසරයට බැහැර කරන කසළ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. කසළ එක්රැස් කිරීම සඳහා ‍කම්පැක්ටර් රථ හෝ ට්‍රැක්ටර් රථවලට පහසුවෙන් ළඟා විය නොහැකි අතුරු මාර්ගයන්හි කැළිකසළ එක්රැස් කිරීම දැනට අත්ට්‍රැක්ටර් මඟින් සිදු කරනු ලබයි. දේශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිසර හානි අවම, කිලෝග්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යා හැකි බක්කිය සහිත ‘කුරුම්බැට්ටියා’ නම් පාපැදියක් නිෂ්පාදනය කර තිබේ. මෙම පාපැදි 10ක් මිලදී ගෙන ‍නියමු ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතන කිහිපයක් වෙත ලබාදී එහි සාර්ථකත්වය මත අනෙකුත් පළාත් පාලන ආයතන වෙත ද මෙවැනි පාපැදි ලබා දීමට යෝජනා වී ඇත. ඒ අනුව, එම බහුකාර්ය පාපැදි 10ක් එකක් රුපියල් 180,000.00 බැගින් රුපියල් මිලියන 1.8ක මුදලකට මිලදී ගෙන ආගමික ස්ථාන හා පෞරාණික ස්මාරක පිහිටා ඇති පළාත් පාලන ආයතන වෙත ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.