• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලන වැඩි දියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ගිරාඳුරුකෝට්ටේ ජල පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීම, යාන්ත්‍රික හා විදුලිවැඩ පිළිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 46.78ක ප්‍රතිපාදන ඌව, උතුරු මැද, මධ්‍යම සහ වයඹ යන පළාත්වල වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාව වෙසෙන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇත. ඒ යටතේ වන ගිරාඳුරු‍කෝට්ටේ ජල පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීම, යාන්ත්‍රික හා විදුලි වැඩ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 330.10ක මුදලකට කහතු‍ඩුව පොල්ගස්ඕවිට වාසිරි-සාවින්ද හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.