• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටු‍ෙපාළ වෙත ගුවන් සමාග‍ම් ආකර්ෂණය කර ගැනීම සඳහා වන වැඩසටහන
- මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කලාපීය මෙහෙයුම් ආරම්භ කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ පහත යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
* ඇ‍ෙමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්ද, මෙම ගුවන්තොටුපොළ තුළ අයකිරීම වසර 02ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් අත්හැරීම.
* මෙම ගුවන්තොටුපොළෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු සඳහා වට්ටමක් ලබාදීම.
* එම ගුවන්තොටුපොළේ බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතයක් ලබාදීම.
* සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
* ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.

කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
* වසරක කාලසීමාවක් සඳහා ඇ‍ෙමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්දෙන් 50%ක් පමණක් අය කිරීම.
* සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
* ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.