• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බදු ගෙවීමේ විලම්භන කාල සීමාව දීර්ඝ කිරීම
- 2019 දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන විසින් ගෙවිය යුතු සංචාරක සංවර්ධන බදු ගෙවීම සඳහා 2020 ජනවාරි මස 01 දින සිට වසරක සහන කාලයක් ලබා දී ඇත. එහෙත් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂිත තරම් ඉහළ ගොස් නොමැති බැවින් අදාළ සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීම සුදුසු බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, සංචාරක සංවර්ධන බද්ද ගෙවීම සඳහා වන සහන කාලසීමාව 2020 අප්‍රේල් 30 දක්වා තවත් මාස හතරකින් දීර්ඝ කිරීමටත්, එම කාලසීමාවට අදාළ නොගෙවන ලද සංචාරක සංවර්ධන බද්ද 2020 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 20කින් අය කරගැනීමටත් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.