• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ඉඩම් කළමනාකරණය කිරීමේ කඩිනම් වැඩසටහන
- රජයේ ඉඩම් බදු ගන්නා ගැනුම්කරුවන් අපහසුතාවට පත් නොවන පරිදි අදාළ බදු කුලිය අය කරගැනීම සඳහා සරල සහ පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2019 දෙසැම්බර් 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.බදුකරුවන්ගෙන් අයවිය යුතුව ඇති දඩ පොලිය කපාහැරීම.
* හිඟ බදු ගෙවීම සඳහා බදුකරුවන්ට වර්ෂයක සහන කාලයක් ලබා දීම.
* වාර්ෂික බදු මුදල කාර්තු 04කින් ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දීම.
* වාර්ෂික බදු මුදල, බදු කාලසීමාවේ මුල් මාසය අවසන්වීමට පෙර ගෙවනු ලබන බදුකරුවන්ට 10%ක වට්ටමක් ලබා දීම.
* තැපැල් කාර්යාල, ණය කාඩ්, ජංගම දුරකථන යෙදුම් වැනි ක්‍රම මඟින් බදු ගෙවීම සඳහා පහසුකම් සලසා දීම.