• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔබට රටක් - රටට හෙටක් - සුපිරිසිදු වැඩ බිමක් - වැඩකරන රට දැයක් යන තේමාව යටතේ ශ්‍රමදාන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම
- 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන පරිදි 'ඔබට රටක් - රටට හෙටක්' යන තේමාව ඔස්සේ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් ඇතිකරලීම පිණිස ඵලදායී සේවා ස්ථානීය පරිසරයක් ගොඩනංවා කාර්යමණ්ඩලය අභිප්‍රේරණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත. ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනයන්හි සුබසාධක සංගම් හා ඵලදායිතා කණ්ඩායම්වල සහභාගීත්වයෙන් රාජ්‍ය වියදමකින් තොරව 2020 පෙබරවාරි මස 28 වන දින එක් දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහන ත්‍රෛමාසිකව පැවැත්වීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය සහ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.