• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට අවශ්‍ය සේවාවන් එකම තැනකින් ලබාදීම සඳහා සේවා මධ්‍යස්ථාන (One Stop Shop) පිහිටුවීම
- රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් සපයනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මඟින් මිලියන 03කට වඩා ජනතාවට ජීවනෝපාය සපයන අතර, එය රටේ සමස්ත රැකියා ප්‍රමාණයෙන් 45%ක් පමණ වේ. ව්‍යාපාරික සේවා ලබා දීම සඳහා පවත්නා ආයතනික ක්‍රමවේදය අනුව එකම කටයුත්ත විවිධ ආයතන මඟින් සිදු කිරීම හා විශාල කාලයක් ගතවීම හේතුවෙන් එම ව්‍යවසායකයන් අපහසුවට පත් වන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම පදනම් කරගනිමින් එක් තැනකින් සේවා සපයන සේවා මධ්‍යස්ථාන 25ක් ආරම්භ කිරීමටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල හා වෙනත් අදාළ පාර්ශවයන්ගේ සහයෝගයෙන් මෙම සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමටත්, පාලක මණ්ඩලයක් මඟින් එම සේවා මධ්‍යස්ථානවල කළමනාකරණය සිදු කිරීමටත් අදාළව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.