• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ පාර්ශ්වයන් සඳහා ස්වයං ප්‍රතිස්ථාපන දීමනා ගෙවීම
- 2016 නොවැම්බර් මස 18 දිනට පෙර දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රාදේශීය සභා බල සීමාවන් තුළ සිය ඉඩම් හිමි පුද්ගලයින්ට ස්වයං ප්‍රතිස්ථාපන දීමනාවක් වශයෙන් රුපියල් 150,000.00ක දීමනාවක් ගෙවනු ලැබ ඇත. එම දීමනාව 2016 නොවැම්බර් මස 18 දිනෙන් පසුව රුපියල් 500,000.00ක් වශයෙන් සංශෝධනය කර ඇත. ඒ හේතුවෙන් මුල් අවස්ථාවේදී ඉඩම් අත්පත් කරගත් අගතියට පත් ඉඩම් හිමියන් 175කට ද අදාළ ස්වයං ප්‍රතිස්ථාපන දීමනාව රුපියල් 500,000.00 දක්වා වැඩි කර ගෙවීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.