• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය (LBFP) යටතේ තවදුරටත් ඉතිරිව පවතින ප්‍රතිපාදන භාවිත කරමින් ඉතා ඉක්මනින් වැඩි දියුණු කිරීම් සිදු කළ යුතු තෝරා ගත් ජාතික මහා මාර්ග කොටස් වැඩි දියුණු කිරීම
- 2011 වසරේ සිට භාණ්ඩාගාර ඇපකර මත දේශීය බැංකු වෙතින් ලබා ගන්නා ලද ණය මුදල් උපයෝජනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය මේ වන විට අදියර 2ක් යටතේ ක්‍රියාත්මක කර ඇති අතර එම අදියර දෙක සඳහා අනුමත කරනු ලැබ ඇති ණය මුදල්වලින් තවදුරටත් රුපියල් මිලියන 1,580ක් පමණ ඉතිරි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විටත් අනුමත කරනු ලැබ ඇති 'කිලෝමීටර 100,000ක විකල්ප මාර්ග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන' යටතේ ඉතා ඉක්මණින් වැඩිදියුණු කළ යුතු විකල්ප මාර්ග සංවර්ධනය කිරීම සඳහා එම ඉතිරි අරමුදල් යොදා ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.