• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෙළ සුවය වස විසෙන් තොර පාරම්පරික වී වගාව
- පාරම්පරික වී ප්‍රභේද යොදා ගනිමින් රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොර වී වගා වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මැදිහත් වීමෙන් ‘හෙළ සුවය’ සංවිධානය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍ර‍දේශය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී. එම වී මඟින් නිපදවන සහල් සහ එම සහල් ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන ආහාර පරිභෝජනය මඟින් බෝ නොවන රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්ගෙන් බහුතරයක් ඉන් මුදවා ගත හැකි බවට නිරීක්ෂණය කරනු ලැබ ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන නියමු ව්‍යාපෘතියක් ‍වශයෙන් අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගොවීන් 2,000ක් අක්කර 10,000ක වපසරියක් තුළ ‘හෙළ සුවය’ ගොවිතැන සඳහා යොමු කරවීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.