• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
INNOTECH 2020 - තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනය
- සමාජයේ සියලු ස්ථරයන්හි විද්‍යා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ හා සංවර්ධන අංශයන්හි සොයාගැනීම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් එම අමාත්‍යාංශය විසින් 'INNOTECH 2020 - තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනය' නමින් ප්‍රදර්ශනයක් 2020 මාර්තු 11 සිට 15 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් එම ප්‍රදර්ශනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී පැවැත්වීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.