• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අපේක්ෂිත පරිදි සිසුන් ඇතුළත් නොවීම හා සිසුන් පාඨමාලාව හැරයාම පිළිබඳව වූ වාර්තාව
- රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා 2017 වර්ෂයේ සිට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත. මේ වන විට අදියර 3ක් යටතේ සිසුන් 3,731ක් සඳහා එකී ණය පහසුකම් සලසා දී ඇති අතර ඒ අතුරින් සිසුන් 202ක් විවිධ හේතූන් මත පාඨමාලා හැරගොස් තිබේ. එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මඟින් ආර්ථික අපහසුතාවලින් පෙළෙන සිසුන්ට සහනයක් ලබා දීමටත්, ඉදිරියේදී එම වැඩසටහන යටතේ ඉහළ රැකියා උත්පාදනය කරනු ලබන පාඨමාලා සඳහා ප්‍රමුඛතාව ලබා දීමටත් පියවර ගැනීමට අදාළව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එකඟතාව පළ කරන ලදී.