• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසු දරුවන් හට ලබා දෙන 'මහපොළ ශිෂ්‍යත්ව' මුදල වැඩි කරදීම හා එම ශිෂ්‍යත්ව අවස්ථා ගණන පුළුල් කිරීම
- අඩු ආදායම්ලාභී පවුල්වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් හිමි වන සිසුන්ට හා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට මාසික මූල්‍ය ආධාරයක් ලබා දීම පිණිස ‘මහපොළ ශිෂ්‍යත්ව’ වැඩසටහන 1982 වර්ෂයේදී ආරම්භ කර ඇත. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ‘මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල’ විසින් මාසිකව විශ්වවිද්‍යාල වෙත නිදහස් කරනු ලබයි. මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසුන් 30,000ක් අතුරින් 15,000කට පමණ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි. එම ප්‍රමාණය 20,000 දක්වා වැඩි කිරීමටත්, දැනට මාසිකව ගෙවනු ලබන ශිෂ්‍යත්ව ආධාර මුදල වැඩි කිරීමටත් හැකිවන පරිදි අරමුදලේ වත්මන් අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 10.5ක මුදල 2025 වර්ෂය වන විට රුපියල් බිලියන 20 දක්වා වැඩි කර ගැනීමට හැකිවනු පිණිස හඳුනාගනු ලැබූ උපායමාර්ගික ප්‍රවේශයක් යටතේ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.