• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමරදේව අසපුවෙහි ඉදිරි ඉදිකිරීම් කටයුතු
- ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය ජාතික මෙහෙවර කෘතවේදීව අගයනු වස් ‘අමරදේව අසපුව’ නමින් ලේඛනාගාරයක්, පුස්තකාලයක් හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පිහිටුවීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පවරා තිබු ආයතනයේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම හේතුවෙන් අදාළ ගිවිසුම අවලංගු කිරීමට පියවර ගෙන ඇත. අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට හැකිවන පරිදි සුදුසු ආයතනයක් රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරාගැනීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.