• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන යාත්‍රා නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීම පිණිස International Maritime Satellite Service (INMARSAT) සේවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සපයනු ලබන INMARSAT සේවය (Point of Service Activation - PSA) ලබා ගැනීම
- ඉන්දියානු සාගර ටූනා කොමිසමේ රෙගුලාසි අනුව ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් සවි කිරීම අනිවාර්ය කර ඇත. තවද යුරෝපා සංගමයේ රෙගුලාසි අනුව ද යුරෝපා සංගමයට මසුන් අපනයනය කරන රටවල්, යාත්‍රා සුපරීක්ෂණ පද්ධති ස්ථාපිත කර තිබිය යුතුවේ. ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු බහු දින ධීවර යාත්‍රා 1,500ක් සඳහා ට්‍රාන්ස්පොන්ඩර් 1,500ක් රජයේ මැදිහත්වීම මත සපයා දී ඇත. එකී ට්‍රාන්ස්පොන්ඩර් සඳහා චන්ද්‍රිකා සේවාවන් සැපයීමට අදාළ කොන්ත්‍රාත්තුව මේ වන විට අවසන් වී ඇති අතර එම සේවාව තවදුරටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හරහා ලබා දීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 13.5ක් වෙන් කරවා ගැනීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.