• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
- විවිධ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇති ණය මුදල් හේතුවෙන් ණයගැතිභාවයට පත්ව සිටින ග්‍රාමීය අඩු ආදායම්ලාභීන් එම ණය උගුලෙන් ගලවා ගැනීම සඳහා සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති මාර්ගයෙන් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට රුපියල් මිලියන 542ක් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර ඇති අතර දැනට එම ණය යෝජනා ක්‍රමය චක්‍රීය අරමුදලක් ලෙස ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා තවදුරටත් එකී චක්‍රීය අරමුදල් මඟින් අදාළ ණය වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ දැනට ලබා දෙන උපරිම ණය සීමාව එක් පුද්ගලයකු සඳහා රුපියල් 60,000/- දක්වා වැඩි කිරීමටත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.