• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ යෝජිත අධිවේගී මාර්ග ජාලය ඉදි කිරීම ක්‍රියාත්මක කිරීම
- මුළු දිවයිනම ආවරණය වන පරිදි පහත සඳහන් අයුරින් අධිවේගී මාර්ග ජාලයක් ඉදිකිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත.

* මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ කඩවත - මීරිගම, මීරිගම - කුරුණෑගල, පොතුහැර - ගලගෙදර සහ කුරුණෑගල - දඹුල්ල ලෙස අදියර 04හි ඉදිකිරීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

* රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කහතුඩුව - ඉංගිරිය, ඉංගිරිය - රත්නපුර සහ රත්නපුර - පැල්මඩුල්ල ලෙස කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම.

* නැඟෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටුපළේ සිට වැල්ලවාය හා සියඹලාණ්ඩුව හරහා පොතුවිල් ප්‍රදේශය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීම.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහාත්, රුවන්පුර අධිවේගී මාර්ගයේ I කොටස සඳහා වන යෝජනාවක් M/s CNTIC ආයතනය වෙතින් ලබාගැනීම සඳහාත්, එම ව්‍යාපෘතියෙහි II කොටස ඉදි කිරීම සඳහා තරගකාරි පදනම මත අභිලාෂ ප්‍රකාශ කැඳවීම සඳහාත්, නැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමට සහ ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීම සඳහාත් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.