• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 320ක (ජපන් යෙන් මිලියන 200) ප්‍රදාන ආධාර - 2020
- පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය ඉහළ යාම රට තුළ නැගී එන සමාජයීය ගැටලුවක් බවට පත් ව ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනාගැනීමට අවශ්‍ය වන නවීන උපකරණ සපයා දීම අත්‍යවශ්‍ය බවත් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මත, මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා අනාවරණය කර ගැනීම පිණිස අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා පොලිසිය වෙත සපයා ගැනීම සඳහා‍ යෙන් මිලියන 200 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 320 ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත. ඒ සඳහා වන හුවමාරු පත්‍රවලට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.