• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීම
- රැකියා විරහිත උපාධිධාරීන් සහ උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන සුදුසුකම් සපුරා ඇති ඩිප්ලෝමාධාරීන් ද ඇතුළු 50,000 ක් රැකියාගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී:

* පුහුණුව සඳහා බඳවාගනු ලබන උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අධීක්ෂණය යටතේ අදාළ දිස්ත්‍රික් ලේකම්/දිසාපති විසින් සිදු කිරීම.

* එම අභ්‍යාසලාභීන් පුහුණු කාල සීමාව තුළ දී හඳුනාගත් ආයතනවලට අනුයුක්ත කොට අදාළ පුහුණුව ලබා දීම.

* වසරක සතුටුදායක පුහුණු කාල සීමාව අවසානයේ ඔවුන් සේවය කිරීමට මනාපය පළ කර ඇති ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම රජයට සහ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනුයුක්ත කිරීම.