• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය II වන අදියර 2 වන පියවර 'අ' පැකේජය
- වර්ෂ 2025 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, එම තත්ත්වයට මුහුණ දීමට ගුවන්තොටුපළ මගී පර්යන්ත ආශ්‍රිත ධාරිතාව වැඩි කිරීමේ කටයුතු නොපමාව සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ II වන අදියර 2 වන පියවර 'අ' පැකේජයට අදාළ කොන්ත්‍රාත්තුව, මුළු වටිනාකම ජපන් යෙන් මිලියන 41,553.89ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 35,135.84ක මුදලකට Taisei Corporation වෙත පිරිනැමීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.