• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ එක් සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජයක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව - මරුදන්කර්නි මාර්ගය (B 371) පුනරුත්ථාපනය කිරීම / වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත් පැකේජය - 4, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s NEM Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 1,684.81ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.