• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම 2020 (මාර්තු අග)
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා පහත සඳහන් පරිදි පොහොර ප්‍රසම්පාදනය කිරීම වෙනුවෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා දෙන ලදී:

* යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික්ටොන් 47,700ක් මෙට්‍රික්ටොන් 1ක් ඇ‍මෙරිකානු ඩොලර් 268.90ක් බැගින් ඇග්‍රි ෆර්ට්ලයිවන් ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත;

* ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික්ටොන් 15,000ක් මෙට්‍රික්ටොන් 1ක් ඇ‍මෙරිකානු ඩොලර් 262.74ක් බැගින් වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත;

* මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික්ටොන් 13,600ක් මෙට්‍රික්ටොන් 1ක් ඇ‍මෙරිකානු ඩොලර් 317.25ක් බැගින් ඇග්‍රි කොමො‍ඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙත;

* සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික්ටොන් 3,060ක් මෙට්‍රික්ටොන් 1ක් ඇ‍මෙරිකානු ඩොලර් 285.00ක් බැගින් ඇග්‍රි කොමො‍ඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙත.