• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම් කර ඉදිකිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සලසා දීම පිණිස නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී. එම අරමුදල්වලින් කොටසක් භාවිත කර කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම් කර ඉදිකිරීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.