• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම්ලාභී සිසුන්හට උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ප්‍රවිෂ්ඨය සහතික කිරීම
- 2024 වර්ෂය වන විට සරසවි ප්‍රවේශයට හිමිකම් සපුරන සිසුන් සංඛ්‍යාව 240,000ක් දක්වා පමණ වැඩිවනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ ඇති අතර රජයේ නව සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුකූලව 2020 අධ්‍යයන වර්ෂයේ සිට උසස් පෙළ සමත් සිසුන් සියලු දෙනාහට උසස් අධ්‍යාපන අවස්ථා සැලසීමට රජය අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යාපනික, තාක්ෂණික හා තොරතුරු තාක්ෂණ යන විෂය ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් ස්ථාපනය කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.