• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ චෙක් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කර ගනු ලබන ගිවිසුම
- ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව, ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා ගිවිසුමක් නිලධාරි මට්ටමින් 2019 මාර්තු 15 දින අත්සන් තබා ඇත. ඒ අනුව, අදාළ ගිවිසුම රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීම සඳහාත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය පරිදි අත්සන් තබන ලද ගිවිසුම අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.