• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
- 2019 නොවැම්බර් මස 27 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතිගරු ජනාධිපතිතුමාගේ 'ආර්ථික පුනර්ජීවන ආරම්භය' වැඩසටහන අනුව 2018 අංක 35 දරන මුදල් පනත යටතේ පනවනු ලැබ ඇති ණය ආපසු ගෙවීමේ අය බද්ද ඉවත් කළ යුතුව ඇත. ඒ අනුව, 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ණය ආපසු ගෙවීමේ බද්ද ඉවත් කිරීම සඳහා නීති ප්‍රතිපාදන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.