• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් කර නොමැති බිල්පත් පියවීම වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම
- පසුගිය රජය යටතේ විවිධ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘතිවලට අදාළ මෙතෙක් පියවා නොමැති බිල්පත් පියවීමට සහ පාර්ලිමේන්තුව අනුමත කර ඇති ණය ගැනීමේ සීමාවට ඇතුළත්ව නොමැති විදේශ මූලාශ්‍ර තුළින් ලබාගත් අරමුදල්වලින් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල වියදම් ගිණුම්ගත කිරීම සඳහා රුපියල් බිලියන 367ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී ඇත. එකී ප්‍රතිපාදන සලසා ගැනීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.