• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා විශේෂිත පිවිසුම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන හා පිටවන විශාල මගීන් සංඛ්‍යාව හේතුවෙන් කාර්ය බහුල වේලාවන්හිදි ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින බව නිරීක්ෂණය වී ඇත. එබැවින් ගුවන්තොටුපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ආයෝජන මණ්ඩලය හා මිණුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් වෙනම ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව අදාළ මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා ප්‍රතිපාදන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙතින් සලසා ගැනීමටත් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.