• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිරිතලේ වනජීවී පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම
- ගිරිතලේ වනජීවී පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එම ව්‍යාපෘතියේ කාලසීමාව 2021-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය. යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු එක් ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කළහොත් ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත දිනට පෙර අදාළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි වන බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, ගිරිතලේ වනජීවී පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ පවතින අධ්‍යාපනික හා පරිපාලන ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම, නව පහසුකම් සහිතව නේවාසිකාගාරය අළුත්වැඩියාව සහ අධ්‍යාපන මධ්‍යස්ථානය ඉදි කිරීම යන ප්‍රධාන සංරචක 03ක් යටතේ ප්‍රසම්පාදනයන් 03ක් වශයෙන් ලංසු කැඳවා අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිණිස ගරු පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.